AI School ( with Computer Literacy ) | සිංහල මාධ්‍යය

Categories: Ai Technology
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

නව පාඨමාලා ආරම්භය – 10 Dec 2024
10:00 am සිට

 

What Will You Learn?

  • අද වන විට පරිගණකය micro processpr එකෙන් AI වලට මාරුවෙන යුගය ආරම්භ වී අවසන්.
  • අපේ ජීවිතයේ සියලුම අංශවලට AI බද්ධවීම ඉතා සීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. මෙහි ප්‍රයෝජන ලෝකයේ අනෙක් දියුණු රටවල් යහමින් ලබා ගනිමින් ඉන්නවා.
  • ශ්‍රී ලංකාව තුළත් AI පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම, විශ්ව විද්‍යාලවල AI Technology උපාධි පවා නිකුත්කිරීම, සෞඛ්‍ය නිලධාරීන්ට අනිවාර්ය කිරීම වැනි ප්‍රවණතා දක්නට ලැබීම සතුටට කරුණක්.
  • AI නිසා අපේ රැකියා අනතුරේ වැටීම මිථ්‍යා මතයක් බව ඔබ දන්නවාද? එය ඇත්තටම සිදුවන්නේ AI දන්න Human කෙනෙක් නිසයි. GPT 5, cluade 4, lamma 4 වැනි ඉතා බලවත් එල්. Large language model පවා ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි.
  • මෙම සීඝ්‍ර දියුණුවත් සමඟම අපි මේ ගැන දැවනුවත් නොවුනහොත් නැවත ඉගෙනීම ආරම්භ කිරීම ඉතාමත් අසීරු වෙනවා.
  • අපේ දරු දැරියන්ට තාක්ෂණික ලෝකය සමඟ මිශ්‍රවීම ඉතා අපහසු වෙනවා රැකියා අවස්ථාව මෙන්ම ව්‍යාපාරිකා අවස්ථාද අහිමි වෙලා යනවා.
  • ක්ෂේත්‍රයේ වැඩිහිටියන් දාහකටත් වඩා අධික ප්‍රමාණයකට AI දැනුම ලබාදුන් අපි IT සම්බන්ධව කිසිවක් නොදන්නා පාසල් දරුවන්ට ගැලපෙන පරිදි මෙම විෂය නිර්දේශය සකස් කොට තිබෙනවා.
  • සියලුම පාසල් ළමුන් සඳහා පාඨමාලා පැවැත්වීම ආර්ථික වශයෙන් පාඩු ගෙන දෙන්නක් වුවත් කාලීන අවශ්‍යතාවය සලකා ගුරුවරුන් ලෙස අපගේ යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් මෙම පාඨමාලාව පැවැත්වීමට අප තීරණය කර තිබෙනවා.
  • අනාගතය සම්බන්ධ හරියාකාර සැලැස්මක් හෝ දැනුමක් නොමැති කුඩා දරුවන්ට හොඳ නරක කියා දී උනන්දුව ඇති කිරීම අප ඔබගෙන් බලාපොරොත්තු වෙනවා.මක්නිසාද යත් වැඩිහිටියන් තුළ ඇති ප්‍රායෝගික අවශ්‍යතාව කුඩා දරුවන් සතුව නොමැති බව සත්‍යයක්.

Course Content

Course Content and Prompt Book

Ai School Ongoing Batch

Student Ratings & Reviews

No Review Yet
No Review Yet